දියවඩන නිලමේවරයා මහනුවර ඇසළ පෙරහර පැවැත්වෙන දින වකවානු  නිවේදනය කරයි!

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඇසළ මස 29 දින සතර මහා දේවාළයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල  පවසයි.

නාථ, විෂ්ණු ,කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි අලුයම 3.03 ට  යෙදෙන සුබ මොහොතට කප් සිටුවීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී අද  (15) පැවැති සාකච්ඡාවකදී දියවඩන නිළමේවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් පසු දේවාල  පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත් වෙයි.


අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වීදී සංචාරය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 02 දින පැවැත්වීමට නියමිතය.

කුඹල් පෙරහර 02 දා සිට  06 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර වීදී සංචාරය අරඹයි.

ප්‍රරථම රන්දෝලි  පෙරහර අගෝස්තු මස 07 දින වීදි සංචාරය කරයි.

අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 11 දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව පසුදින අලුයම ගැටඹේ  දියකපනා තොටේදී  දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙයි.

අනතුරව දහවල් පෙරහර වීදී සංචාරය කර මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිත බව දියවඩන නිලමේ වරයා   කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට  මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම.අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද යන නාහිමිවරුද.මහනුවර නාථ දේවාල බස්නායක නිළමේ ගයාන් හීන්කෙන්ද.විෂ්ණු දේවාල බස්නායක නිළමේ මහේන් රත්වත්තේ. කතරගම දේවාල බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර. ,මහනුවර අතිරේක  දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන  අයද සහභාගී වූහ

Exit mobile version