දිඹුලාගල ආදිවාසි මත් ද්‍රව්‍ය ජාවරම්කාරියන් හොයන්න පොලිස් මෙහෙයුමක්…

මනම්පිටිය නිමල් ජයරත්න  – 

දිඹුලාගල දලුකාන ආදිවාසී ගම්මානයේ සමහර ආදිවාසි කාන්තාවන් සහ තරුණියන්  රහසිගතව අවට ගම්මානවලට  හෙරොයින් සහ ගංජා අලෙවි කිරීමේ ජාවාරමක නිරතවන බවත් මේ ආදිවාසී කාන්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවත්  මනම්පිටිය පොලිසිය පවසයි.   

මනම්පිටිය  පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර පවසන්නේ දළුකාන ආදිවාසී ගම්මානයේ  තරුණයන් හෙරොයින් සහ ගංජාවලට ගොදුරු වී, ඔවුන්ගේ නිවාසවල උළුඅහු, ජනෙල්, වහලවල්වල සෙවිලි තහඩු පමණක් නොව නිවාස පිටින්ම   විකුණා  මත්ද්‍රව්‍ය ලබාගත් අවස්ථා වාර්තා වන බවය.

මේ සම්බන්ධව කළ මෙහෙයුමක දි  දිඹුලාගල දළුකාන සහ මනම්පිටිය ගම්මාන දෙකෙහි  හෙරොයින් අලෙවි කරමින් කරමින් සිටි ඊට ඇබ්බැහි වූ වයස අවුරුදු 20 -30 අතර පසුවන පුද්ගලයින්  සිව්දෙනෙකු ඊයේ (18) පොලිස් අත්අඩංගුවට ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් අත් අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් රැගෙන ආ බව කියන කාන්තාවක් පලා ගොස් ඇති බවද පරීක්ෂණයේදී සිදුකරන පොලිසිය කියයි.


Exit mobile version