දින 14ක් රට වහන්න කී වෛද්‍ය විද්වතුන්ට ඇමති ජොනී අනී ! “කොළඹ හතේ අය කියන දේ අහන්න බෑ”

johnston fernando

දින 14ක් අඛණ්ඩව වසා දමන ලෙසට මෙරට ප්‍රධාන පෙළේ වෛද්‍ය සංවිධාන විසින් විද්‍යාත්මක පදනමකින් යුතුව වගකීමකින් කරන ලද ඉල්ලීම ‘මෙය කොළඹ හතේ අය විසින් කරන ලද ඉල්ලීමක්’ ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අවඥාවට ලක් කළේය.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේදී පැවැති මාද්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව පැවසූ අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය රට සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ තීන්දු ගත්තේද වෛද්‍යවරුන් සමඟද සාකච්ඡා කිරීමෙන් පසුව බව සඳහන් කළේය. ඔහු ජනාධිපතිවරයාට තීන්දු තීරණ ගැනීමේදී එක පාර්ශ්වයක් පවසන ආකාරයට පමණක් නොව සමස්තය දෙස බැලිමට සිදුව ඇති බව සඳහන් කළේය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ජනතාවගේ ආර්ථිකය පිළිබඳව සැලකීමේදී දින 14ක් එක දිගට රට වැසීම ඉතාම දුෂ්කර කාර්යයක් වන බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා


“ලෝකයම අභියෝගයට ලක් ව තිබෙන මොහොතක් ජනතාව පත් කළ ජනාධිපතිවරයා ලෙස අතිගරු ජනාධිති සමස්ත රට ගැන හිතල තීරණය කරන්න ඕන. අපි දුටුව වෛද්‍ය සංගම් මේ ඉල්ලිම අද මාධ්‍ය හමුවේ කරනවා. සුදර්ශනී ඇමතිවරියත් ඇමතිවරියක් හැටියට නෙවෙයි වෛද්‍යවරියක් හැටියටයි රට වසන ලෙස ඉල්ලා සිටියේ. ජනාධිපති සමස්තය දෙස බැලිය යුතයි. ඒ නිසා තමයි දවස් කිහිපය වහන්නේ අපි බලන්න ඕන කොළඹ හතේ අය කියන දේ හෝ මිල මුදල් තියන අය කියන දේ ගැන බලන්න ඕන. දුප්පත් මිනිසුන් ගැන බලන්න ඕන ඒ නසා තමයි අඟහරුවාදා විවෘතව තබල සිකුරාද වෙනකල් යළ වසන්නේ. . එහෙම වැහුවොත් මොකක්ද අත්වන ඉරණම. ඒ නිසා ජනාධිපතිතුමා මේ ගැන ක්‍රියා කළේ ප්‍රධාන තනතුරු දරන වෛද්‍යවරුන්ලෙන් අහල. එතුමා පැය ගණනාවක් මේ ගැන සොයා බලනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියල බලමු. අපි බෙය වෙන්න හොඳ නෑ මේක මුහණ දෙන්න ඕන.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද අමාත්‍යවරයාගේ ප්‍රකාශය මාධ්‍යවේදියකු විසින් අභියෝගයට ලක් කරන ලදී. රට වහන ලෙස විද්‍යාත්මක පසුබිමක් මත වෛද්‍ය වෘත්තිකයන් කළ යෝජනාව කොළඹ හතේ කණ්ඩායමක් ලෙස ලඝු නොකළ යුතු බව එම මාධ්‍යෙව්දියා පෙන්වා දුන් අවස්ථාවේ තමන් ඒ කීවේ එම වෛද්‍යවරුන් ගැන නොවන බවට ප්‍රකාශ කළේය. එම වෛද්‍යවරුන්ට විරුද්ධව තමන හෝ රජය දෙපිල බෙදී කටයුතු නොකරන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරියේ තත්ත්වය අනුව තීරණයක් ගනු ඇති බව පැවසීය.

Exit mobile version