දින 03ක් ආහාර ගෙන නෑ… යාපනය සරසවියේ උපවාස කරන සිසුහු බිම වැතිරෙති…

අමානුෂික නවක වධකයන්ටවත් නුදුනු දඬුවම් දෙන්න එපා.... උපවාස සිසුහු පාලන අධිකාරියට කියති...

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලයේ  මාරාන්තික උපවාසයක යෙදී සිටින සිසුන් පිරිස 5 දා වන විට දින තුනක්ම ආහාර නොගැනීම නිසා   බිම වැතිර එම උපවාසය  දියත් කරමින් සිටියි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයේ පරමේස්වරන් කෝවිල ඉදිරිපිට මාරාන්තික උපවාසය දියත් කොට ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 8 වෙනිදා යාපනය විශ්ව විද්‍යාලයේ දෙවන වසර හා තුන් වන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ සිසුන්ට විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ලබා දී ඇති දඩුවම් සාධාරණ නොමැති නිසා ඒවා ලිහිල් කරන ලෙස ඉල්ලමිනි.

මේ සිද්ධියට සම්බන්ධ සිසුන් හය දෙනාගෙන් තුන් දෙනෙකුගේ ශිෂ්‍යභාවය වසරක් බැගින් තහනම් කොට ඇති අතර අනෙක් අයට මාස 6 ක කාලයකට ශිෂ්‍යභාවය අහෝසි කොට තිබේ.


විශ්ව විද්‍යාලයීය පාලන අධිකාරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පිටු 130 ක වාර්තාවක් සකස් කොට එහි යෝජනා අනුව දඩුවම් පමුණුවන ලද බව පවසන සිසුන් කියා සිටින්නේ සිසුන්ට අභියාචනා සඳහා හෝ අවස්ථාවක් සලසා දී නොමැති බවයි.

යාපනය විශ්ව විද්‍යාලය තුළ අමානුෂික අන්දමට නවක වධය ලබා දුන් සිසුන්ටවත් මෙතරම් දැඩි දඬුවමක් ලබා නොදුන් බව පවසන මාරාන්තික උපවාසයේ නිරත සිසුන් පවසන්නේ මේ දඩුවම වහාම ලිහිල් කළ යුතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිසුන් විසින් ආරම්භ කොට ඇති මෙම මාරාන්තික උපවාසය නතර කර ගැනීම සදහා යාපනයේ කෝපායී පොලීසියේ නිලධාරීන් පිරිසක් එහි ගොස් සාකච්ඡා අරාම්භ කොට තිබේ.

Exit mobile version