දින තුනක් පුරා පැවැත්වෙන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් අඹගස්වැව දී!

අඹගස්වැව වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට ජල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් අඹගස්වැව ” යදම් සවි Legends” ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන සය සාමාජික මහා ක්‍රිකට් තරගාවලිය 2023 ජූනි මස 9 ,10 ,11 තෙදින පුරා අඹගස්වැව වේරගල ශ්‍රී රාහුල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනයේ 2023 6. 2 වන අතර ඇතුලත් වීමේ ගාස්තුව රුපියල් පන්දාහකි.(5000/=).ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විසින් විනිශ්චය කටයුතු සිදු කරන අතර විස්තර විචාරය ප්‍රවීණ විස්තර විචාරක සරත් වරාගම්මන සහ කසුන් සුලක්ෂණ විසිනි .

ජූනි 9 වෙනි දින මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණ්ඩායම්, දහ වෙනි දින කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම්, එකොළොස් වන දින විවෘත කණ්ඩායම් වශයෙන් තරගාවලිය පවත්වාගෙන යනු ලබයි. සෑම දිනකම තරග වදින කණ්ඩායම් අටෙන් එකක් අවසන් මහා තරගයට තෝරාගනු ලබයි.

ප්‍රථම ස්ථානය සඳහා රුපියල් පනස්දාහක් ද දෙවන ස්ථානය සඳහා රුපියල් තිස් දාහක් ද තුන්වන ස්ථානය සඳහා රුපියල් පහළොස් දාහක් ද හොඳම පිතිකරු හොඳම පන්දු යවන්නා හා තරගාවලියේ වීරයා සඳහා ද කුසලතා සහ මුදල් ත්‍යාග පිරිනැමේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ විමසීම්
ප්‍රදීප් 0703986139,
ප්‍රසාද් 0702595838. ජානක 0718881708 සමන් 0779294884 ……..යන දුරකතන අංකවලින් ලබා ගත හැකිය

Exit mobile version