දැව හොරුන් ඇල්ලුවාට එරෙහිව ශ්‍රී ධරන් උද්ඝෝෂණයක…

දිනසේන රතුගමගේ –

වන සංරක්ෂණ නිලධාරීන්  විසින් කිළිනොච්චියේ චුණ්ඩිකුලම් රක්ෂිතයේදී අත් අඩංගුවට ගත් දැව ජාවාරම්කරුවන්  12 දෙනෙකු  ආපසු ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.ශ්‍රීධරන් ඇතුළු පිරිසක් වන සංරක්ෂණ කාර්යාලය ඉදිරිපිට ඊයේ (3 ) උද්ඝෝෂණය කොට තිබේ.

කිළිනොච්චියේ  ඉයක්කච්චි චුණ්ඩිකුලම් ප්‍රදේශයේ රක්ෂිත වනයට අයත් ප්‍රදේශයකට ගිය මෙම පුද්ගලයින් 12 දෙනා එම භූමිය කෝවිලකට අයත් භූමියක් බව කියමින් එහි වූ දැව කපන්නට පටන් ගෙන තිබේ.

කපන ලද දැව හා දැව කැපීමට උපයෝගී කර ගන්නා ලද මැෂින් කියත් සමග සැකකරුවන් වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කාර්යාලය වෙත රැගෙන ඒමෙන් පසුව ඔවුන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගම්වාසීන් හා මන්ත්‍රීවරයා කෑ කෝ ගසා තිබේ.


නිලධාරීන් සැකකරුවන් නිදහස් නොකිරීමෙන් පසුව මන්ත්‍රීවරයා ගම්වාසීන් සමග වන සංරක්ෂණ කාර්යාලයේ බිම වාඩි වී නිලධාරීන්ට විරෝධය පල කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වන සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ මෙම සැකකරුවන් 12 දෙනා 5 වෙනිදා කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

Exit mobile version