දැවැන්ත පිඹුරත්තෑව ජලාශයේ නව වාන් දොරටුව පුපුරයි…  විනාශයක් අත ලඟ….

මනම්පිටිය නිමල් ජයරත්න්න –  

 පොළොන්නරුව මහවැලි බි කලාපයේ මාදුරුඔයට පමණක් දෙවැනි වන දැවැන්තම ජලාශය වූ   පිඹුරත්තෑව ජලාශයේ  මෑතකදීම ඉදිකරන ලද දිගින් විශාලතම වාන් දොරටුව  ස්ථාන කීපයක පිපිරීම් ඇති වී බරපතල අවදානමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

පිමුරත්තැව ජලාහය…

එම පිපිරුම් ස්ථානවලින්  විශාල වශයෙන් ජල වෙමින් ඇති බවත්  කොන්ක්‍රීට් වේල්ල කඩාගෙන ගියොත් විශාල විනාශයක් සිදුවීමට ඉඩකඩ තිබෙන බවත්  පිඹුරත්තෑව ගොවි සංවිධාන  නියෝජිතවරු ලංකාසරට පැවසූහ.

V හැඩයෙන් යුක්ත  මෙම කොන්ක්‍රීට් වේල්ල ස්ථාන කිහිපයකින් පුපුරා ඇති අතර කොන්ක්‍රීට් දියවීම එම ස්ථාන වලින් ජල කඳක් කාන්දු වී  යන අතර එම ස්ථාන කැඩී බිඳී වේල්ල කඩාගෙන ගියහොත් පන්සියතුන කලාපයේ කුඹුරු යාය මෙන්ම අරලගංවිල නගරය සහ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවී විශාල විනාශයක් සිදුවිමට ඉඩ ඇති බව ඔවුහු පෙන්වා දෙති.

වතුර කාන්දුවන ස්ථාන…

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය පිඹුරත්තෑව ජලාශයේ මෑතකදීම ඉදිකර ලද දිගින් විශාලතම   වේල්ල අලංකාර අයුරින් නිර්මාණය කිරීමෙන් පසුව පිටාර ගලන ජල කඳ නැරඹීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දෙස් විදෙස් සංචාරකයෝ පැමිණියහ.


අප මේ පිළිබඳව ‍ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමණාකාර සුගත් විරසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුවේ ඒ පිළිබඳ වහාම සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශාල අනතුරක් වීමට පෙර වේල්ලෙ පුපුරා ගියා ස්ථාන කොන්ක්‍රීට් දමා පිළිසකර කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version