දැරියන් 02 පැහැර ගැනීමට තැත් කළා යැයි මන්නාරම බිය කළ තරුණයින් දෙදෙනා රිමාන්ඩ්…

දිනසේන රතුගමගේ –

තලෙයිමන්නාරම ප්‍රදේශයේදී පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුට රස කැවිලි ලබා දී ඔවුන්ව රවටා ගෙන පැහැර ගෙන යාමට තැත් කලේ යැයි යන චෝදනාව යටතේ අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා මැයි මස 19 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් ඔවුන් පදිංචි පළාත්වල පොලීසිවලින් ඔවුන් පිළිබදව වාර්තාවක් ලබා ගන්නා ලෙසත් එම වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්   මන්නාරම මහේස්ත්‍රාත්වරයා  ඊයේ (13) පොලීසියට නියෝග කොට තිබේ.

දැරියන් දෙදෙනා බලහත්කාරයෙන් ඔවුන්ගේ වාහනයට නංවා ගැනීමට ඔවුන් උත්සාහ කළ බවට ශිෂ්‍යාවන් දෙදෙනා පොලීසියට ප්‍රකාශ ලබා දී අති අතර එම සිද්ධියෙන් පසුව අවධානයෙන් සිටි ගම්වාසීන් පිරිසක් අදාල වාහනය දැක එය නවත්වා  සැකකරුවන් දෙදෙනා අල්ලාගෙන වාහනයත්   සමග තලෙයිමන්නාරම පොලීසියට බාර දී තිබුණි.

එම වාහනය පිටස්තර ප්‍රදේශයක සිට මන්නාරම හා තලෙයිමන්නාරම් යන පළාත් වලට වාණිජමය කටයුතු වලට පැමිණි වාහනයක් බවට පොලිසියට තොරතුරු ලැබුණු නමුත් ශිෂ්‍යාවන්  දෙදෙනාගේ ප්‍රකාශ මත එම වාහනයේ සිටි තරුණයින් දෙදෙනාව  අධිකරණයට ඉදිරිපත් කිරීමට තලෙයිමන්නාරම පොලීසිය පියවර ගන්නා ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් පාසල් දැරියන් දෙදෙනෙකු   පැහැර ගැනීමට තැත් කලේ යැයි යන සිද්ධියත් සමගම මන්නාරමේ  බොහෝ පාසල් වලට යුද හමුදාව හ පොලීසිය ආරක්ෂාව සපයා දීමට කටයුතු කළහ.


Exit mobile version