දැරියකට ලිංගික බලපෑම් කළ ගුරුවරයෙක් නිසා පාසලක් වැසේ!

දිනසේන රතුගමගේ –

යාපනයේ අරියාලේ පූම්ඹුකාර්  පාසලක ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවකට කළ අයුතු  ලිංගික බලපෑමක් දුර දිග යාම නිසා  එම පාසලේ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙණුවෙන් එම පාසල වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම පාසල අද උදෑසන (08) ද   යළි ආරම්භ කිරීමටනොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

අදාල ගුරුවරයා එම පාසලේ ගණිත ගුරුවරයා වන අතර ඔහුගේ ශිෂ්යාවකට පාසලේදී හා පසුව දුරකතන ඇමතුම් මාර්ගයෙන් අයුතු ලෙස බලපෑම් කොට ලිංගික කාර්යන්ට ඇයව නැඹුරු කරවා ගැනීමට උත්සහ කොට තිබේ.

මේ පිළිබදව  සිසුවිය විසින් දෙමව්පියන්ට තොරතුරු ප්රකාශ කිරීමෙන් පසුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබේ.

සිද්ධිය සැලවීමත් සමගම ගම්වාසීන් පිරිසක් එම පාසලට කඩා පැන ගුරුවරයාට පහර දීමට උත්සහ කොට ඇතත් සෙසු ගුරුවරු විසින්  සිද්දියට මුහුණ  දුන් ගුරුවරයාව ආරක්ෂා කරගෙන තිබේ.


හේතුව මත ගම්වාසීන් පාසලේ සියළුම  ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට තර්ජන එල්ල කිරීම නිසා පාසල වසා දමා ඇත.

එම පාසලට අලුතින් විදුහල්පතිවරයෙකු පත් කොට පාසල පවත්වා ගෙන යාමට උත්සහ කොට ඇතත් 8 වෙනිදාද පාසල සුපුරුදු ලෙස ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා යාපනයේ අධ්යාපන  බලධාරීන් විසින් පාසල් ළමුන්ගේ දෙමව්පියන් සමග විශේෂ සාකච්ඡාවක් කැදවා ප්රශ්නයට විසදුමක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

Exit mobile version