දැන් ශ්‍රි.ල.නි.ප.යේ සැබෑ නියෝජිතයන් කවුද කියලා ජනතාවත් දන්නේ නෑ… මල්වතු මහා නා හිමි විජේදාස රාජපක්ෂට කියයි!

කණ්ඩායම් තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතිවාසිකම් කීම නිසා පක්ෂයේ සැබෑ නියෝජිතයින් කවුද යන්න දැන් ජනතාවට ප්‍රශ්නයක් වී ඇතැයි මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මහනාහිමියෝ පැවසූහ.

පක්ෂයේ සැබෑ අයිතිය කාටද යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සිදුවන්නේ අධිකරණයෙන්ම යැයි ද උන්වහන්සේ කීහ.
ආමාත්‍ය විජයදාස රාජපක්ෂ   ඇතුළු ශ්‍රී ලනිප නියෝජිත පිරිසක් ඊයේ (26) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ මහනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

පක්ෂ ව්‍යවස්ථාවක් තිබෙන නිසා අධිකරණය මගින් ඉදිරියේ දී සාධාරණ තීන්දුවක් දෙනු ඇතැයි ද මහනාහිමියෝ පැවසූහ.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ 116 දෙනෙකු ඒකමතිකව වැඩබලන සභාපති ලෙස තමන්ව තෝරාගත් බවත් එම තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන්නේ විධායක සභාව නියෝජනය කරන පිරිස අතරින් 10 දෙනෙකුටත් අඩු කණ්ඩායමක් බවත් පැවසුවේය.


වෙනම දේශපාලන පක්ෂ සමඟ ගමන් කළ යුතු යැයි සිතන එම පිරිස අධිකරණයට ගොස් වාරණ නියෝග ලබාගෙන තිබෙන බව ද ඔහු   පැවසුවේය.

ඒක පාර්ශවීය ගොස් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව වාරණ නියෝගයක් ලබා දී තිබෙන බවත් තම පාර්ශවය ද ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගන්නේ බහුතර කැමැත්ත මත යැයි ද ඇමැතිවරයා පැවසුවේය.
සැඟවුණු න්‍යාය පත්‍ර හා යටිඅරමුණු තිබෙන එම කණ්ඩායම විවිධ සැළසුම් සකස් කරමින් සිටින බව ද ඔහු කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්‍යන්ත මිත්‍රපාල, සරත් ඒකනායක, සජින් ද වාස් ගුණවර්ධන, සරත් ඒකනායක, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස  ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Exit mobile version