දැන් කොවිඩ් දේහයක් ඕනෑම තැනක මිහිදන් කළ හැකියි!

කොවිඩ් ආසාදිත මළ සිරුරු ඥාතීන් වෙත භාර දිය හැකි වන පරිදි ඔවුන්ගේ අභිමතය පරිදි පැය 24ක් තුළ ආදාහනය කිරීමට හෝ ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට හැකියාව ලබෙන පරිදි කොවිඩ් මරණ සම්බන්ද මඟපෙන්වීම් වෙනස් කොට ඇත.

පසුගිය මාර්තු මස 02 වැනිදා දාතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කොට ඇති කොවිඩ් සම්බන්ධ නව මාර්ගෝපදේශවලට අදාල චක්‍රලේඛයට අනුව මෙම හැකියාව ලැබී තිබේ.

EPID /400/2019/n-Cov 19 දරණ මෙම චක්‍රලේඛයට අනුව කොව්ඩ 19 වෛරසය අසාදනය බවට තහවුරු වූ මළ සිරුරක් ඥාතීන් වෙත නිදහස් කළ හැකිය.


සෞඛ්‍ය අංශ මගින් මෙම මළ සිරුර ලබා දීමේදී පිටතට කාන්දු නොවන ලෙස පොලිතීන් ආවරණයකින් මුද්‍රා තබා පෙට්ටියක බහාළිය යුතුය. මළ සිරුරු එම්බාම් කිරීමටද අවසර හිමි නොවන අතර සිරුර නිවසට හෝ පෞද්ගලික අවමංග්‍ය ශාලාවකද තැන්පත් කිරීමට අවසර නොලැබේ. එසේ වුවද මෙම දේහය තමන් කැමැති ආදාහනාගාරයක ආදාහනය කළ හැකි වන අතර අවශ්‍ය නම් මිහිදන් කළ හැකි බව එහි දක්වා තිබේ.

අදාල මිනී පෙට්ටිය අදාල ඥාතීන් විසින් ලබා දිය යුත ව ඇති අතර අවසන් කටයුතු සඳහා රජයෙන් කිසිදු මුදලක් වියදම් නොකෙරෙන බවද එම චක්‍රෙල්ඛය මඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටී.

මෙයට අමතරව රෝහල්වල සහ ප්‍රජාව තුළ සිදුවන මරණ සදහා පීසීආර් පරීක්ෂණ සිදු කිරීම මෙයින් මතුවට අනිවාර්ය නොකෙරෙන බවද එම චක්‍රලේඛය මඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇති අතර පශ්චාත් මරණ පීසීආර් පරීක්ෂණ සඳහා අදාළ මඟපෙන්වීම් කිහිපයක්ද මේ සමඟ නිකුත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් පරිණාමය වන නව දැනුමත් සායනික අත්දැකීම් සහ විශාල පිරිසක් එන්නත් මඟින් ආවරණය කිරීම යන කරුණු සලකා මෙම නව මඟ පෙන්වීම් නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Exit mobile version