දැන්වත්  රාජපක්ෂලා තිරෙන් පසුපස සිට ගහන ගේම් නැවැත්විය යුතුයි… චම්පික රණවක කියයි

කිසිදු පාලනයකින් තොරව මේ ආකාරයට තව දුරටත් රට ඉදිරියට ගෙන ගියහොත් තව කෙටි කාලයකින් රටම අකර්මණ්‍ය වී  රට සම්පූර්ණයෙන්ම නතර විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක පවසයි.

මේ වනවිටත් නිශ්පාදනය හා ඩොලර් උපයන කර්මාන්තශාලා ඇනහිට ප්‍රවාහනයට බලපෑම් එල්ලවී රට හරි අඩකින් අකර්මණ්‍ය වී ඇති අයුරු ඔහු පෙන්වා දෙයි.

උද්ගතවී ඇති තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා විධිමත් සැලැස්මකට අනුව රට ගෙන යෑමට  අගමැතිවරයා වහා ක්‍රියාකළ යුතු බව කියන චම්පික රණවක මන්ත්‍රීවරයා එම වැඩපිළිවෙළ සාර්ථක වීමට ජනාධිපතිවරයා වහාම ධුරයෙන් ඉවත් විය යුතු බව සඳහන් කරයි.

මේ වනවිට රාජපක්ෂවරු තිරය පසුපස සිටිමින් දැඩි බලපෑම් කරමින් සිටින බවත් අතීත පාඩම් ඉගෙනගෙන ඔවුන් දැන්වත් මේ ගේම් නැවැත්විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට මුහුණ පා සිටින ඛේදවාචකයෙන් ගොඩ ඒම සඳහා සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් කඩිනමින් සකසා ගත යුතු බවත් එසේ නොවුනහොත් රට එක තැන නැවතීම වැලැක්විය නොහැකි බවත් ඔහු කිවේය.

Exit mobile version