දැදුරු ඔයේ වාන් දොරටු 08ම විවෘතයි.. දිවයිනේ ප්‍රදේශ රැසකට මිලි මීටර 100කට වැඩි තද වැසි…

ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මේ වනවිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ඇති අතර එයින් තත්පරයට ඝන අඩි 28000 ක් නිකුත් කරමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එසේ ම මාදුරු ඔය ද පිටාය යමින් පවතින අතර එම ජලාශ ආශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවෙමින් තිබේ. මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී ඇත.

වාරියපොළ, නිකවැරටිය, මහව,  කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට  අයත් දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටටමේ ගංවතුර තත්තත්තවයක් ඇතිවිය හැකි බවට


ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය, අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී දැනට දිවයිනට නැගෙනහිර දෙසින්  ස්ථානගතව පවතින වැවින් වැසි තත්වය තවත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙහි බලපෑම හේතුවෙන් නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම්  ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි  ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෙසු ඇතැම් ප්‍රදේවලට මි.මී. 75 ට වැඩි  තද වැසි ද ඇති විය හැකි බැවින් නායයාම් අවදානම් ප්‍රදේශවල ජනයා විමසිලිමත් වියයුතු බවට ගොඩනැගිල්ල පර්යේෂණ ආයතනය පවසයි.

Exit mobile version