දැඩි කොන්දේසි මත ධනිෂ්ක ගුණතිලකට ඇප ලැබේ…

ස්ත්‍රී දූෂණ චෝදනා හතරක්  මත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා   ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දැඩි ඇප කොන්දේසි මත ඇප ලබා දීමට සිඩ්නි අධිකරණය තීරණය කර ඇත.

ඔහු විසින් තම ඇප කොන්දේසි සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා  බැලීමෙන් පසු  ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සහ රජයේ සහය ඔහුට  හිමි වූ බව අධිකරණය හමුවේ පැවසුන අවස්ථාවේ දී  ඩොලර් 150,000 ක  ඇපයක්  ලබාදීමට අධිකරණය    නියෝග කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහේස්ත්‍රාත් ජැනට් වෝල්ක්විස්ට් ඩොලර් 150,000 ක ඇපයක් මත ඔහුව මුදා හැරීමට නියෝග කර ඇත්තේ  දිනපතා පොලිසියට වාර්තා කිරීම, රාත්‍රී 9 සිට උදේ 6 දක්වා ඇඳිරි නීතිය, පැමිණිලිකරු සම්බන්ධ කර නොගැනීම සහ ටින්ඩර් සහ වෙනත් වෙබ් අඩවි වලට  ප්‍රවේශ වීම තහනම් කිරීම ඇතුළු දැඩි ඇප කොන්දේසි මතය.

Exit mobile version