ද්‍රවිඩ සංවිධාන 06 තහනම ඉවත් කළේ ඇයි… ආරක්ෂක අමාත්‍යාංශය කරුණු පහදයි!…

අසාධුගත කර තිබූ ද්‍රවඩි සංවිධාන  හයක තහනම ඉවත් කිරීම සිදුකළේ ඒ සම්බන්ධව ආයතන කීපයක් එක්ව සිදුකරන ලද දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පසුව බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම නිවේදනය නිකුත් වන්නේ තහනම් කරන ලද උක්ත සංවිධාන 06 ආසාධු ලේඛනයෙන් ඉවත් කරනු ලැබූ පදනම කුමක් දැයි රජය පැහැදිලි කළ යුතු බවට කරන ඉල්ලීම් තීව්‍රව මතුවෙමින් තිබිය දී ය.

ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනය කරන්නේ  මෙම තීන්දුව ගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා සිදුකරන ලද අධ්‍යයනයකින් අනතුරුව බවය.

2021 වර්ෂයේ දී පුද්ගලයින් 577ක් සහ සංවිධාන 18ක් අසාධු ලේඛනයට ඇතුළත් කරනු ලැබ තිබුණ අතර ඉහත කමිටුව හරහා කළ අධ්‍යයනයකින් අනතුරුව අක්‍රීය පුද්ගලයින් 316ක් සහ සංවිධාන 06ක් අසාධු ලේඛණයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව  නිවේදනයේ දක්වා ඇත.


ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයින් 55ක් සහ සංවිධාන  03ක් තවමත් අසාධු ලේඛණයේ පවතින බව එම නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version