දළු කඩන්න ගිය අක්මීමන කාන්තාවක් ඝාතනය කරලා… සිරුර තේ වත්තෙන් හමුවෙයි!

ලලිත් චාමින්ද –

අක්මිමන, පුහුල්හේන ප්‍රදේශයේ  තේ වත්තක තිබි   ඝාතනය කොට තිබු දෙදරු මවකගේ  මළ සිරුරක් හමුවි ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

මෙසේ   ඝාතනය කොට ඇත්තේ ලසන්ති ගිගනතේ ( 53 ) නැමති   කාන්තාවකි. ඇයගේ නිවසේ සිට මිටර් 100ක පමණ දුරින් පිහිටි තේ ඉඩමක තිබි  මළ සිරුර හමුවි ඇති  බව පොලිසිය පවසයි. 

මෙම කාන්තාව ඊයේ (25) උදෑසන  තේ දළු කැඩිම සදහා දළු කඩන ඇඳුමින් සැරසී   තේ ඉඩමට ගොස් ඇත. කැපුම් තුවාල  සහිතව  ඇයගේ සිරුර තේ ඉඩමේ තිබියදි හමුවි ඇත. ඇයගේ  ගෙලෙහි කැපුම් තුවාල දක්නට ඇති බව පොලිසිය පවසයි.

මෙකි ඝාතනයට සම්න්ද සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය විසින් සි.සි.ටි.වි කැමරා ඔස්සේ විමර්ශන  ආරම්භකොට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට අද (26) උදැසන රැගෙන යනු ලැබිය. අක්මිමන පොලිසිය මෙකි ඝාතනය සම්බන්දව පරික්ෂණ පවත්වයි.

Exit mobile version