දළුකාන ආදිවාසී නායිකාව 06වන වරටත් මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට එරෙහි විරෝධතාවයක…

මේ දරුපැටියාගේ මුහුණ බලාවත් අපිට වෙන විනාසය නවත්වන්න... දේ ඇහන්නෙ නැතිනම් ගෝල්ෆේස් ඇවිත් කියන්නම්....

මනම්පිටිය නිමල් ජයරත්න –

දිඹුලාගල  දලුකාන ගම්මානයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්  සිදුකරන ක්‍රියාවන් නිසා ආදිවාසී ප්‍රජාව විවිධ අසීරුතාවට පත් වුවද ඊට    පොලිසිය ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කරමින් දලුකාන ගම්මානය ආදිවාසී නායිකාව වන ලිසිනෝනා නැවත වරක් සිය මුණුබුරා සමග එක්ව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මීට පෙර ද තමන් ගම්මානයේ කසිප්පු ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍යෙවලට එරෙහිව පස් වතාවක්ම විරෝධතාවයක නිරත වූ බව පවසන ලිසීනෝනා  ගම්මානයේ අඛණ්ඩව සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ආරක්ෂක අංශ නිසි ක්‍රියාමාර්ග ගෙන  නීති විරෝධී කසිප්පු ජාවාරම්කරුවන් අත්අඩංගුවට නොගත්තොත් තමා ආදිවාසී ප්‍රජාව සමග ගෝල්පේස් පිටියට ගොස් රජයට විරුද්ධව දැඩි විරෝධයක් සිදුකරන බවද පැවසුවාය.

දිඹුලාගල කන්ද ආශ්‍රිතව පිහිටි දළුකාන ගම්මානයේ පවුල් විසිදෙකක් මෙම ජාවාරමේ නිරත වන බවත්, මෙම තත්ත්වය නිසා තම ආදිවාසි තරුණ, තරුණියන්, මෙන්ම කාන්තාවන්ද මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ විවිධ අපචාර ක්‍රියාවලට මෙන්ම, පවුල් ආරවුල්,  ආර්ථික හානි රැසක් සිදුකර ගන්නා බවත්, ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් පොලිසිය, හෝ වෙනත් බලධාරීන් විසින් නොගන්නා බවත් ඇය පැවසුවාය,


මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා නීතී විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටුකරගැනීමට පොලිස් නිලධාරීන් යොමු කළද ඔවුන්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්   මුදල් හා වෙනත් වාසි ලබාගෙන පිටව යන බවත්, තමාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්  පමණක් නොව, සුරාබදු නිලධාරීන් පවා තර්ජන එල්ල කරන   බවත්, මෙම තත්ත්වය සැලකිල්ලටගෙන  දිඹුලාගල දලුකාන ඇතුළු අවට ගම්මානවල නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන් කිරීමට අගමැතිවරයාගේ ජනාධිපතිවරයා අතුළු සියලු බලධාරීන්ගේ අවධාන අපේක්ෂා කරන බවත් ඇය කියා සිටියාය.

දලුකාන ආදිවාසී නායිකා ලිසීනෝනා   නගන චෝදනා පිළිබඳ අප මනම්පිටිය ස්ථානාධිපති අසේල සරත් කුමාර  ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ගම්මානයේ විරෝධය දක්වන  අයගේ ඥාතීන් පවා අරක්කු ජාවාරම් සිදුකරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ගොදුරු වී ඇති බවත්, මීට පෙරද ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බවත්, නීති විරෝධි මත්ද්‍රව්‍ය පාලනය කිරීමට තම පොලිසිය උපරිම ක්‍රියාකර ඇති බවත්ය.

Exit mobile version