දවසකට රටේ කසලට ටොන් 550ක් මහ මග – රාජ්‍ය ඇමති කියයි…

ලලිත් චාමින්ද –

මෙරට දෛනිකව කැළිකසල ටොන් 8000ක් එකතුවන බවත්   පළාත් පාලන ආයතන මගින් ඉන් එකතු කරන්නේ   කැළිකසල ටොන් 3500ක් පමණක් බවත්  නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ  අපද්‍රව්‍ය බැහැරලීම හා  ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා  පවසයි.

මෙරට කැළිකසල ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව විසඳුම් ඇතුළත් ප්‍රධාන සැලැස්මක්  තම අමාත්‍යංශය මගින් සකස්කොට ඇති බවද රාජ්‍ය ඇමතිවරයා  කීවේය. ගාල්ල හෙල්ඩ්ගොල් ශාලාවේ පැවති ගාල්ල දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් කමිටුවට එක්වෙමින්  රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය.  

ඇමතිවරයා මෙසේ ද කීවේය


 මෙරට කැළිකසල ප්‍රශ්නය විසඳීම සඳහා විසඳුම් ඇතුළත් ප්‍රධාන සැලැස්මක් සකස් කරන ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ අනුව අපි හොඳ අධ්‍යයනයක්කොට සැලැස්මක් සකස් කළා.  නොදිරන කැළිකසල   ටොන් 40 – 50කින්  ඩීසල් වගේ තෙල් හදන්න පුළුවන්. නැනෝ තාක්ෂණ ආයතනය මගින් ඒ ගැන අධ්‍යයනයකොට තියෙනවා.  ඊට අමතරව තාර හා බැටිරි නිෂ්පාදනය කරන්නත් පුළුවන්.   මෙම වි්‍යපෘතිය සඳහා අනුමැතිය ලැබුනහොත් පළාත් පාලන ආයතන 05ක් පමණ එකතු කරලා දිස්ත්‍රික්කයකට වි්‍යාපෘති 03 බැගින් නියමු වි්‍යාපෘතියක් ලෙස  ක්‍රියාත්මක කරන්න පුළුවන්.

කසල එකතු කිරිම හා බැහැර කිරිම නීතිමය අයිතිය බලය තියෙන්නේ  පළාත් පාලන ආයතනවලට. පළාත් පාලන ආයතනවලට  කැළිකසල මගින් විදුලිය උත්පාදනය කිරිමේ වි්‍යාපෘති ආරම්භ කිරීමට අපහසුයි. ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. දැනට කාබනික පොහොර  නිෂ්පාදනය කිරිමේ  දී බැහැරවන අපද්‍රව්‍ය භුගත ජලයට එතුවෙනවා. එය අහිතකර බවට ප්‍රධාන කමිටුවක් මගින් තිරණය කරලා තියෙනවා. මේ සඳහා ඉදිරියේ පළාත් පාලන ආයතනවලට   අලුත් තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කරනවා “ 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.මෙම අවස්ථාවට  දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ ඇමතිවරුන්වන රමේෂ් පතිරණ රාජ්‍ය ඇමතිවරුන්වන නාලක ගොඩහේවා, මොහාන් පි ද සිල්වා  ගාල්ල දිස්ත්‍රික් සම්බ්නදිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකොරල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන ඉසුරු දොඩංගොඩ, චන්දිම විරක්කොඩි යන මහත්වරුන්ද මේ සදහා එක්ව සිටියහ.

 

Exit mobile version