දරු සම්පත් අඩුවීම ගැන චීනය දත්ත හංගලා

chinese

චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය සතියේ එරටේ පාසල් පද්ධතිය සම්බන්ධයෙන් වූ සිය වාර්ෂික සංඛ්‍යාලේඛන පොත ප්‍රකාශයට පත් කළද එහි එරට ළදරු පාසල්වලට අලුතින් ඇතුළත් වූ ළමුන් සංඛ්‍යාව පිළිබඳ කිසිඳු දත්තයක් ඇතුලත් කර නොතිබිණි.

මෙලෙස චීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ළදරු පාසල් වලට අලුතින් ඇතුලත් වූ ළමුන් සමබන්ධයෙස් දතත් ප්‍රකායට පත් නොකිරීම සම්බන්ධයෙන් මේවන විට පාර්ශවයන් කිහිපයක්ම විමසීමටද ලක් කර ඇති බවට වාර්තාවේ.

චීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වර්ෂ 2015 සිට 2020 දක්වා වසර සඳහා එරට සියලුම අධ්‍යාපන දත්ත ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුම මෙම දත්ත යොදාගෙන ආර්ථීක විද්‍යාඥයින්ට චීනයේ ජනහනය සහ එරට ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ පුරෝකථන කිරීමට හැකියාව හිමිව තිබිණි.


එවැනි තත්ත්වයක් තුල මෙවර නිකුත් කළ දත්ත වාර්තාව තුල තොරතුරු නිසි ලෙස අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂකයින් විමතිය පළකර ඇති බවට වාර්තවේ. එහිදී ළදරු පාසල් වලට ළමුන් ඇතුළත් වූ සංඛ්‍යාව සම්බන්ධයෙන් වූ තොරතුර කිසිම ආකාරයකින් විශාවස කළ නොහැකි බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මේවන විට ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින චීනයේ ළමුන් සංඛ්‍යාව මේවන විට සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් මෙලෙස අදාල දත්ත නිරාවරණ නොකළ බවටද ඇතැම් පාර්ශවයන් සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් එරට ළදරු පාසල් වලට ළමුන් ඇතුලත් කිරීම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවටද වාර්තාවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය මීට පෙර අනුගමනය කළ එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය දශක කීපයේදී එරට ජනහන වර්ධන වේගය සීඝ්‍රයෙන් පහළ බැසීමක් සිදු වූ අතර එම තත්ත්වය සමනය කිරීමට චීන රජය නව නීති සම්පාදනය කළ තවදුරටත් එරට තරුණ පිරිස් දරුවන් බිහි කිරීමට දැඩි මැලි බවක් දක්වන බවට වාර්තාවේ.

Exit mobile version