දරුවාට ජීවිතය දී කොවිඩ් ආසාදිත තෙවැනි ගැබිණි මව මිය යයි…

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් ආසාදිත තුන්වන ගැබිණි මවත් මිය ගියාය. ඇය මියගියේ ඇයගේ ලෙයින් උපන් දරුවාට නිරුපද්‍රිත ජීවිතයක් දෙමිනි.

කොවිඩ් ආසාදිතව සිටි මේ   28 හැවිරිදි ගැබිණි මව කොබෙයිගනේ බොරළුගොඩ පදිංචිකාරියකි. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුව අසාධ්‍ය තත්වයේ පසුවූ ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.

එහිදී මව සිටි අසාධ්‍ය තත්වය තේරුම්ගත් වෛද්‍යවරු ඇයව සිසේරියන් සැත්කමකට භාජන කිරීමට කටයුතු කළහ.  සැත්කමින් දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වුවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය අපතේ යවමින් වෛරසය ආසාදනය වී බරපතල සංකූලතා සහිතව සිටි මව ජීවිතක්ෂයට පත් වූවාය.


අනතුරුව දරුවා ළමා දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර තිබිණි.  දරුවා ළමා දැඩි සත්කාර ඒකකය තුළ ඉතා සුවයෙන් සිටින බවත් විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් දරුවා පිළිබඳ දැඩි අවධානයකින් පසුවන බවත්, රෝහල් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කරන ලද පරීක්ෂාවලින් දරුවාට කෙවිඩ් ආසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

 

 

Exit mobile version