දරුපැටියාට ජීවිතය දී තවත් තරුණ කොවිඩ් ආසාදිත මවක් ගම්පහ දී මිය යයි…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්පහ රෝහලේ දී සිය දරුවා බිහිකළ කොවිඩ් ආසාදිත මවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී අද ( 02) මිය ගිය බව ගම්පහ මහ රෝහල පවසයි.
31 හැවිරිදි ගම්පහ මාකෙවිට පදිංචි මවක් මෙසේ මිය ගොස් ඇත.

මිය ගිය කාන්තාව දෙදරු මවකි. ඇය මීට දින කීපයකට පෙර උණ රෝගයෙන් පෙළෙමින් සිට ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව වෛද්‍යවරුන් ඇයව පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කර තිබේ. එහි දී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.

අනතුරුව එම ගර්භණී මව සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කර තිබේ. පසුව මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ප්‍රතිකාර ගනිමින් සිටිය දී අද දහවල් ඇය මිය ගොස් තිබේ.

කුඩා බිළිඳා ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Exit mobile version