දරිද්‍රතාවයේ ඛේදවාචකය… ගිය වසරේ දරුවන් 2718ක් පාසල් හැර ගිහින්…

ලලිත් චාමින්ද –

විවිධ ආර්ථික  හෝ සාමාජිය  ගැටළු හේතුවෙන් ඉකුත් වර්ෂයේ දි (2021) ළමුන් 2718 දෙනෙකු  පාසල්හැරගොස් තිබු බව පරිවාස හා ළමාරක්ෂක සේවා දේපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

විවිධ ආර්ථික හෝ සාමාජිය  සාධක පදනම්කොටගෙන  අඛණ්ඩ පාසල් අධ්‍යාපනයේ  නියැලීමට අවස්ථාව නොලැබෙන දරුවන්  නැවත පාසල්ගත කිරීම  සඳහා   පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබුණි. 

අඩු ආදාම්ලාභි පවුල්වල දරුවන්ගේ  අධ්‍යාපන කටයුතු  සාර්ථක කරගැනිම සඳහා  කැපකරු දෙගුරුනමින් ශිෂ්‍යත්ව වැඩසටහනක් ද දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල්  එක්කෝටිහැටහත් ලක්ෂවිසිහතර දහස් හාරසියයක මුදලක් (16,724,400). වැයකොට තිබුණි.


 

Exit mobile version