දයාසිරි යළි වයඹ මහ පුටුවට සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් යටතේ වයඹ පළාත් සභා මහ ඇමති ධුරයට තරග කිරීමට සූදානම් වෙයි.

මේ සඳහා තමන්ට යෝජනා ඉදිරිපත් ව ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව ඉදිරියේදී ගොඩනැගෙන සන්ධානයෙන් තමන් එලෙස වයඹ මහ ඇමති ධූරය සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කරගෙන නව සන්ධානයක් ගොඩ නැගීම පිළිබඳව සාර්ථක සාකච්ඡා ගණනාවක් සිදුව ඇති බව සඳහන් කළ අතර එම පුළුල් සන්ධානය සමඟ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවන බවත් ඒ වෙනුවෙන් දැනට දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය, රාජ්‍ය අමාත්‍යධූරය ඇතුළු තනතුරු කැප කිරීමට පවා සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තව දුරටත් සඳහන් කළේය.


Exit mobile version