කීර්ති ප්රනාන්දු –
ඊයේ (07) අත්අඩංගුවට ගත් ප්රවීන සිනමා නිලි දමිතා අබේරතන් ලබන 14 වැනදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මීට ස්වල්ප වෙලාවකට පෙර නියෝග කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධව චෝදනා කරමින් ඊයේ පොල්දූව මංසන්ධිය අසල පැවති සත්යග්රහයකින් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා ගැනීමෙන් අනතුරුව අද පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිනි.
ඇය අත්අඩංගුවට ගනු ලබන්නේ 09 වැනිදා පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා සිටින අවස්ථාවක දීය.