දඬුවම සලකා බලන්න ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේපයි…  රන්ජන් අවුරුදු 04ම හිරේ..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 12 සිට වසර හතරක් සිර දඬුවම් විඳිමට නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ලබා දුන් තීන්දුව යළි සලකා බලන ලෙසට ඉල්ලා ඔහු විසින් සිය නීතිඥවරයෙකු මාර්ගයෙන් ගොනු කළ මෝසමශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ( 22)  ප්‍රතික්ෂේප කළේය.

එම මෝසම සලකා බැලීමට  අගවිනිසුරුවරයා  විසින්  විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත යොමු කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම විනිසුරු මඩුල්ල රන්ජන් රාමනාකයක කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.


Exit mobile version