දකුණේ කොවිඩ් ශේෂ පත්‍රය… ඊයේ රාත්‍රිය වනවිට රෝගීන් 714යි…

ලලිත් චාමින්ද –

දකුණු පළාතෙන් ඊයේ (22) දිනය තුළ නව කොවිඩ් ආසාදිත  රෝගින්  33 දෙනෙකු හමුවි ඇති අතර මේ වනවිට දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 714 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොවිඩ්  මෙහෙයුම් සම්බන්දිකරණ කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ   පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (22) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 15 දෙනෙකු හමුවිමත් සමග  ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 415 දක්වා වැඩිවි ඇත. පෙරේදා (22)  බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිත රෝගින්05 දෙනෙකු හා ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 10 දෙනෙකු වාර්තා වි ඇති බවද කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරිවරයා පවසයි.

මාතර දිස්ත්‍රික්කයෙන් 22 වැනි දින නව කොවිඩ් ආසාදිත රෝගින් 14 දෙනෙකු වාර්තා වි ඇති අතර  අකුරැස්ස සෞඛ්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01 රෝගියකු හා දික්වැල්ල කොට්ඨාශයෙන් රෝගින් 13 දෙනෙකු වාර්තා වි ඇත. ඒ අනුව මේවනවිට මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 238 දෙනෙකි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නව ආසාදිත රෝගින්  04 දෙනෙකු වාර්තා වි ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව  61 දක්වා වැඩිවි ඇති බවද කොවිඩ් මෙහෙයුම් සම්බන්දිකරණ කාර්යාලයේ නිලධාරිවරයා සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


22 වැනිදින අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01 රෝගියකු  අගුණුකොළපැලැස්සෙන් එක් රෝගියකු හා තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  රෝගින් 02 නෙකු වාර්තා වි ඇත.

 

Exit mobile version