දකුණේ කොවිඩ් ආසාදිතයන් ගණන 800 පනී….

Sri Lankan health officials take swab samples from employees of the Colombo municipal council to test for COVID-19 in Colombo, Sri Lanka, Wednesday, Oct. 7, 2020. Authorities in Sri Lanka closed key government offices and further expanded a curfew Thursday to contain a surging coronavirus outbreak. (AP Photo/Eranga Jayawardena, File)

ලලිත් චාමින්ද –

දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (26) දිනය වනවිට 835 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරන කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි  චාමර මහගමගේ පවසයි.

දකුණු පළාතෙන් ඊයේ (26) දිනය තුළ  පමණක් නව කොරෝනා ආසාදිත රෝගින් 43 දෙනෙකු වාර්තා වි ඇති බව ඔහු පවසයි.  දකුණු පළාතෙන්  මේ දක්වා කාලය තුළදි වැඩිම කොවිඩ් ආසාදිත රෝගින්  සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව467කි. මාතර දිස්ත්‍රික්කයෙන්  297 දෙනෙකු වාර්තා වි ඇති අතර  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති කොරෝනා ආසාදිත රෝගින්  සංඛ්‍යාව 71 දෙනෙකි.

මේ වනවිට දකුණු පළාතේ  පවුල් 2320කට අයත් පුද්ගලයින් 4700ක් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද ඔහු පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 876කට අයත් පුද්ගලයින් 1613ක් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 412කට අයත් පුද්ගලයින් 1493 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1032කට අයත් පුද්ගලයින්  1594 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version