දකුණු කොරියාව චීනයෙන් ඉන්දියාව දෙසට හැරෙයි

ඉතා සූක්ෂම උපායමාර්ගික විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන දකුණු කොරියාව මේවන විට සිය උපායාමර්ගික විල්පය ලෙස ඉන්දියාව යොදා ගැනීමට අවදානය යොමුකර ඇති බවට වාර්තාවේ.

ඒ අනුව ඉතිහාසය පුරාවමට වොෂින්ටන් පාලනය සහ බීජිං පාලනය සමඟ ඉතා මධ්‍යස්ථ සහ එකිනෙකා අතර ගැටීමක් ඇතිනොවන පරිදි විදේශ සම්බන්ධතා පවත්වාගෙන යාමට දකුණු කොරියාව සමත්විය. එහිදී සිය වාණිජ කටයුතු බිජිං පාලනය සමඟ ඉතා සමීපව කරගෙන යාමටත් ආරක්ෂක අවශ්‍යතා වොෂිංටනය ඔස්සසේ සපුරා ගැනීමටත් දකුණු කොරියාව සමත්විය.

මෙවන් පසුබිමක ලොව පුරා පැතිරගිය කොරෝනා වසංගතයත් ඉන් අනතුරුව ගෝලීය අර්ථිකයේ ඇති වූ අවනිෂ්චිත බවත් එම තත්ත්වය තෘව කළ යුක්‍රේන ආක්‍රමණය සිය අයෝජනයන් විවිධාංගීකරණය කිරීමටත් සිය ආර්ථික සැලසුම් දෙස යලි සිතා බැලීමටත් පෙළභවීය.
.
ඒ අනුව මෙම පසුබිම යටතේ දකුණු කොරියාව සඳහා ඉන්දියාව දැඩි ආකර්ශනීය ගමනාන්තයක් බවට පත්ව ඇත. මේවන විට ලොව වැඩිම ජනගනයකට උරුමකම් කියන ඉන්දියා ඉතා සුරක්ෂිත සහ ස්ථායී අයෝජන සහකරුවෙකු බවට පත්ව තිබේ.


දකුණු කොරියාව ඉන්දියාව වඩාත් කැමති වන්නේ එහි ජනගහනයේ ප්‍රමාණය පමණක් නොව එහි තරුණ ජනගහනයේ ප්‍රමාණයයි. මෙහිදී වැඩිහිටි ජනගහනය සමස්ථ ජනගහනයෙන් ප්‍රතිශත්යක් ලෙස සලකන විට චීනයේ සියයට 14ක අගයක්ද ඇමරිකා එක්සත් ජනපදයේ සියයට 18ක අගයක් ගත්තද ඉන්දියාවේ එම අගය සියයට 7ක අගයක් පැවතීමට ඉතා වැදගත් සිදුවීඹක්.

මේ අතර මෙම වසරේ ඉන්දියාවේ අර්ථික වර්ධනය ලොව ප්‍රබල ආර්ථිකයන් අතර ඉහළම අගයක් ගැනීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම තවත් දායක වන සාධකයක් වන්නේ, සරල කළ නියාමන ක්‍රියා පටිපාටි සහ බදු නිදහස් කිරීම් වැනි දිරිගැන්වීම් ලබා දීමෙන් ජාතිය ගෝලීය නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ කිරීම අරමුණු කරගත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ “මේක් ඉන් ඉන්ඩියා” වැඩසටහනයි.
2014 දී දියත් කරන ලද මෙම වැඩසටහන් හේතුවෙන් රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2022 සැප්තැම්බර් වන විට වාර්ෂික සෘජු විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 83 දක්වා දෙගුණ වී ඇත.
එමෙන්ම අග්‍රමාත්‍ය මෝදි විසින් 2020 දී ප්‍රකාශයට පත් කරන ලද නිෂ්පාදන සම්බන්ධිත දිරිගැන්වීමේ යෝජනා ක්‍රමය ඉලෙක්ට්‍රොනික, ඖෂධ, මෝටර් රථ සහ තවත් ප්‍රධාන අංශවල සුදුසුකම් ලත් සමාගම් වෙත ව්‍යාප්ත කර ඇත.

Exit mobile version