තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

ඉන්ධන අර්බුදය සම්බන්ධව විසඳුම් සෙවීම සඳහා කටාර් රාජ්‍යයේ සංචාරය කරමින් සිටින බලශක්ති ඇමති කාංචන විජේසේකර එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති  සහ කටාර් බලශක්ති සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක  සාද් ෂෙරීඩා අල් කබී හමුවූ බව ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා     කටාර් බලශක්ති සහ කටාර් සංවර්ධන අරමුදලේ සහාය ඇතිව  එල්.එන්.ජී,  එල්.පී ගෑස්, සහ පෙට්‍රෝලියම් නිශ්පාදන ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කළ බව ඇමතිවරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version