තෙල් නෑ…. අද රාත්‍රීයේ සපුගස් කන්ද බලාගාරයත් අක්‍රීයයි… පැය එක හමාරකට වැඩි විදුලි කප්පාදුවක්!

ඊයේ රාත්‍රියේ සිට කැලණිතිස්ස ජනන යන්ත්‍ර අක්‍රීය වෙයි...

අද රාත්‍රී 10 වනවිට සපුගස්කන්ද ඩීසල් විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අඩපණ වීමට නියමිත බවත්, ඩීසල් හා නැප්තා තොග අවසන්වීමත් සමග ඊයේ කැලණිතිස්ස විදුලි බලාගාරය අක්‍රීය වූ බවත් විදුලිබල  මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

කැලණි තිස්ස විදුලි බලාගාරය අක්‍රීයවීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ධාරිතාවක් මුදා හැරිම නැවතී තිබිණි. සපුගස් කන්ද බලාගාරය අක්‍රීය වීමත් සමග අද  රාත්‍රී 10 වනවිට සමස්ථ විදුලි බල පද්ධතියට ලැබෙමින් තිබුණු   මෙගාවෝට් 450ක ධාරිතාවක් අහිමි වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්වය තුළ පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා විදුලි ඉල්ලුම අධික අවස්ථාවල දී පැය එක හමාරකට වැඩි කාලයක විදුලි කප්පාදුවක් සඳහා යෑමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවරු  පැවසුවත් ස්ථාවරව විදුලිය ලබා දීම රජයේ අභිප්‍රාය බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ කියයි.


Exit mobile version