තෙල් ගන්න ඉල්ලූ සල්ලි ඉන්දියාව දෙයි

මේ වනවිට දැඩි ලෙස අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන මිලදීගැනීම සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබේ.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා විසින් මේ බව මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වෙත ලිපියකින් දැනුම් දුන් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පසුගිය දා අවස්ථා කිහිපයකදී පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙරටින් කළ ඉල්ලීම් අනුව මෙලෙස ණය පහසුකම් ලබාදිමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව එම කාර්යාලය සඳහන් කළේය.


Exit mobile version