තෙල් ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

ඛනිජ තෙල් ආනයනය කිරීම සදහා සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාදීම කෙරෙහි ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වන කටයුතු කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා කරගෙන යන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුනිල් විජේසිංහ මහතා සඳහන් කර ඇත.

සිරස නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් රූප වසා ඇත්තේ ඉදිරි කාලය තුළ මීට අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා කටයුතු යොදන බව ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්දන සැපයුම ජනවාරි මාසයේ සිට අඛණ්ඩව ලබා දීම අවිනිශ්චිත බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට සඳහන් කර තිබුණේ අඛණ්ඩ සැපයුමක් ලබාදීමට නම් මුදල් අමාත්‍යංශයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවශ්‍ය මුදල් හෝ සහන ලබාදිය යුතු බවට පවසමිනි.


මේ වන විට පණිවුඩයක් නීතිගත සංස්ථාව ඇමරිකානු ඩොලර් බිලියන 3.3ක පමණ ප්‍රමාණයක් මෙරට ප්‍රධාන බැංකු දෙකකට ගෙවීමට ඇති අතර පසුගිය මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයන වියදම 41%කින් පමණ ඉහළ ගොස් ඇති බව සදහන් වේ.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ යාමත් සමඟ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අර්බුදය තවදුරටත් උත්සන්න වූ අතර මේ තත්ත්වය මත ඉන්ධන ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත නොමැතිවීම නොමැති වීම බලවත් ගැටළුවක් බවට පත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බලශක්ති අමාත්‍යවරයා මෙන් ම විදේශ ඇමතිවරයා ද දීර්ඝ කාලීන ණය පහසුකම් මත ඉන්ධන ලබා ගැනීම සඳහා මැදපෙරදිග රටවල් කිහිපයකින් ඉල්ලීම් කළද සඳහා තවමත් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් ඉන්දියානු ණය ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත.

Exit mobile version