තූත්තුකුඩියේ සබ්මැරීනයක් තිබේ නම් එය ඉන්දියාවට අයිති වැඩක් – මහ කොමසාරිස් කාර්යාලය කියයි

ඉන්දියාව විසින් සබ්මැරීන හෝ වෙනත් ජාතික සම්පත් යෙදවීම පිළිබඳ තීරණ අදාළ නිලධාරීන් විසින් විවිධ අවශ්‍යතා මත ගන්නා බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දීය නාවික හමුදාවට අයත් කාර්යයන් ඇතුළු එවැනි මෙහෙයුම් කටයුතු පිළිබඳව අදහස් නොදක්වන බවත් කොලම ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ මාද්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු මේ බව සඳහන් කළේ තූත්තුකුඩි හි සබ්මැරීනයක් යෙදවීම සම්බන්ධයෙන් වන වාර්තා පිළිබඳව මාධ්‍යව්දියකු විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් ඉන්දියාවේ තූත්තුකුඩි හි ස්ථීර ලෙස යොදවා ඇතැයි පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් වන වාර්තා දුටු බවත් එවැනි කටයුත්තක් එහි සිදුවන්නේ නම් එය ඉන්දීය නාවික හමුදාවේ කාර්යක් වන අතර ඒ පිළිබඳව තමන් අදහස් නොදක්වන බවද සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරා එවැන්නක් සිදුවන්නේ නම් මෙහෙයුම් අවශ්‍යතා වැනි විවිධ කාරණා සලකා බලමින් ඉන්දියාව සහ එහි අභිලාෂයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ පෙරදැරිව ගනු ලබන බව ද පැවසීය.

Exit mobile version