තුවක්කුව පිපිරුණු දඩයක්කරු ලඟ පුපුරණ ද්‍රව්‍ය තොගයක්…

දිනසේන රතුගමගේ –

මුලතිව් කුමුලමුනේ ප්‍රදේශයේ වල් ඌරන් දඩයම් කිරීමට ගිය දඩයක්කාරයෙකුගේ තුවක්කුව පිපිරී ඔහු තුවාල ලබා ඇති අතර දඩයක්කරුගේ මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබූ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඊයේ ( 27 ) මුලතිව්   පොලීසිය විසින් සොයාගෙන තිබේ.

දඩයක්කරුට වෙඩි වැඩීමෙන් පසුව ඔහු නිවසට පැමිණ  ඉතා රහසිගතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔහුව අත් ඩංගුවට ගත් අවස්ථාවේදී කැඩී ගිය තුවක්කුව හා පුපුරණ ද්‍රව්‍ය හමු වී තිබේ.

තුවාල ලැබූ දඩයක්කරු වැඩිදුර ප්‍රතිකාර සදහා මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version