තුර්කි ගුවන් යානයක් කටුනායක දී අනතුරකට…. බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයෙන් තුර්කි ගුවන් සේවා නවතින ලකුණු!

කීර්ති ප්‍රනාන්දු –

තුර්කි ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ දී අනතුරකට ලක් වීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගම හැසිරී ඇති ආකාරය හේතුවෙන්  ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමට තුර්කි ගුවන් සේවා බලධාරීන් මේ වනවිට සළකා බලමින් සිටින බවට ගුවන් තොටුපළ ආරංචි මාර්ග වලින් අනාවරණය  වී තිබේ .

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

යානය අනතුරට පත් වි ඇති ආකාරය

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පසුගිය 03 දා  , කටුනායක ගුවන් තොටුපළේ දී  අනතුරට පත් වී තිබේ .

පසුගිය 03 දා මෙසේ අනතුරට ලක් වී ඇත්තේ තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 – 300  එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන  .ටී.කේ.- 6050 දරන ගුවන් යානය ය.

මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන  07/03 දින රාත්‍රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .


ඉන්පසුව ” වික්ටෝරියා සීක්‍රට් ස්ටෝර්ස් ” නිෂ්පාදිත , මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලුම් තොගයක් රැගෙන ,   යානය  පෙරේදා (03)  දින රාත්‍රී 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට  නියමිත විය .

ඒ වේලාව වනවිට කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්වය ( ඇසළ කුණාටු තත්වය ) නිසා ,   ගුවන් යානයට පැටවීම සඳහා රැගෙන විත් තිබූ බහාලුමක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම්  ක්‍රියාකරුවන් විසින් නිසි පරිදි  තිරිංග නොයොදා , අදාළ ගුවන් යානය අසළ නවතා තැබීමෙන් නිසා  එම බහාලුම  ගුවන් යානය දෙසට හැමූ වේගවත්  සුළඟට ගසා ගෙන ගොස් එහි එන්ජිමක  ගැටී ඇත .

මෙම සිදුවීමෙන් මෙම ගුවන් යානයේ දකුණු පස අංක 02 දරන එන්ජිම අනතුරට පත් වී තිබේ .

අනතුර සිදුවී ඇති ස්ථානය හා ස්වභාවය

එනිසා මෙම ගුවන් යානය මෙසේ  අනතුරෙන් හානියට පත් වූ එන්ජිම යථා තත්වයට පත් කර ගැනීමට හෝ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට අවශ්‍ය  පියවර තුර්කි ගුවන් සේවා බලධාරීන් විසින් මේ වනතෙක් ගෙන නොමැත .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය තුළ කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් සේවකයින්ගේ අකාර්යක්ෂම වගකීම් විරහිත ක්‍රියාකළාපයත් (Bad Ground Handling )  සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළෙන් තම ගුවන් යානා සඳහා තවදුරටත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමත් නිසා තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග පවත්වන ගුවන් ගමන් අත්හිටුවීම සඳහා සූදානම් වෙමින් ඇතැයි වාර්තා වේ.

Exit mobile version