තිළිනිට ආයෝජන ගන්න දේවාරූඪයකින් දැමූ “සිරිසුමන  මායම“ අධිකරණයේදී ඡායාරූපත් එක්ක එළියට!

බිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වනවිට බන්ධනාගාරගතව සිටින    තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවට කෝටිපති ධන කුවේරයන්ගෙන්   ආයෝජන ලබා ගැනීමේදී ප්‍රයෝගයක් ලෙස ලෙස බොරු ආරූඪයක් ගෙන ආයෝජකයන් මුලා කිරීමට අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු කඩවත සිරි අරන්තක සමාධි අරණ විහාරයේ වැඩ වෙසෙන බොරැල්ලේ සිරිසුමන හිමියන් කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මෙම සැකකාර හිමි නම තිළිණි ප්‍රියමාලිගේ‍ ව්‍යාපාරවල රුපියල් කෝටි 75ක් ආයෝජනය කළ ආයෝජකයකුගේ නිවසට ගොස් දේව ආරූඪයක් මවා පාමින් තමන් සතු මුදල් මෙම තිළිනි ගේ ව්‍යාපාර මත ආයෝජනය කළ යුතු බවට පොලඹවා ඇති අතර අදාළ ආයෝජනය කරන්නාගේ නිවසට ගොස් එම කටයුත්ත සිදු කරන ආකාරය පිළිබඳව ඡායාරූපද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම ව්‍යාපාරිකයා සිය පැමිණිල්ල සමඟ අදළ ඡායාරූපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ලබා දී ඇති අතර ඒවා අධිකරණයට ඉදිරිපත්ව තිබේ. මෙම ඡායාරූපයක් පෙන්වමින් මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මේ කරන්නේ කවරක්දැයි සැකකාර හිමි නමගෙන් විමසා ඇති අතර ඒ අවස්ථාවේ හිමි නම ප්‍රකාශ කර ඇත්තේ අදාළ මුදල් සඳහා ආශිර්වාද කිරීමට තමන් එම නිවසට ගිය බවයි.

මීට අමතරව තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට අදාළ ප්‍රතිලාභ ලැබනෙ තෙක් ඇපයට ලබා දෙන රන් පොලු මෙම හිමියන් භාරයේ තබා ඇති බවට සැකකාරිය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති අතර ඇය හිමියන්ගේ කඩවත විහාරයට ඔවුන් ගෙන ගොස් එම රන් පොලු පෙන්වා ඇති බවටද තොරතුරු හෙලිව ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවුවද මෙසේ මුදල් ආයෝජන වෙනුවෙන් ඇපයට ලබා දන් මෙම රන් පොලු සැබෑ ඒවානොව පිත්තලවලින් සැදි ව්‍යාජ ඒවා බවටද අනාවරණය වී තිබේ.

Exit mobile version