“තැන තැන හමුවෙන පුපුරණ ද්‍රව්‍ය ගේන්නේ දරුවන්ට කෝම්පිට්ටු හදන්න නෙවෙයි”

ආරක්ෂක ලේකම් කියයි

“පසුගිය සතියේ අපි අල්ලගත්තා අපි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.5 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 90ක් පමණ මන්නාරමේදී අත්අඩංගුවට ගත්තා. මීට අමතරව ස්වයංක්‍රීය දුරස්ථ පාලක උපකරණ කිහිපයක් ද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉතිං මේවා ගේන්නේ දරුවන්ට කෝම්පිට්ටු හදන්න නෙමෙයිනේ. මේවා මිනීමරන්න ගේන දේවල්.” යැයි ආරක්ෂක ලේකම් ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි.

පසුගිය 14 දා ‘හරිමඟ සංවිධානය’ විසින් සංවිධානය කරන ලද ‘පශ්චාත් COVID-19 පුනරුදය – ශ්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත සංවර්ධනය’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති සැසිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
“කෙනකුට හිතෙන්න පුළුවන් වසර 2009 බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ ආයෙත් ඒ් ප්‍රශ්නය ඇතිවෙන්නේ නෑ කියලා. නමුත් මතක තියාගත යුතුයි අපි ඒ මිනීමරු නඩය සම්පූර්ණයෙන් නැතිකළාට ඒ තුළ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 12,242 ක් පුනරුත්ථාපනයට යොමුකරලා සමාජගත කළා නිදහසේ ජීවත්වෙන්න කියලා. ඒ අය බොහෝදෙනකුට අවශ්‍ය අපි වගේ සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නයි. ඒකයි ඒ පුනරුත්තාපන කියාවලියේ සාර්ථකත්වය. නමුත් දෙමළ ඩයස්පෝරාවේ ඊළාම්වාදයට සහයෝගය දක්වන කොටස් මේ පුනරුත්තාපනය කරලා යවපු තරුණ තරුණියන්ව උපයෝගී කරගෙන නැවතත් මේ ත්‍රස්තවාදය ඉස්මතු කරන්න සෑහෙන උත්සාහයක් දරනවා.

මෙතනදී අපි කළයුතු දේ තමයි අපගේ බුද්ධි අංශ අපි හරියට බලගැන්වූයේ නැත්නම් අපිට සාර්ථකත්වය දකින්න බෑ. රණවිරු දඩයම කියන ඒක හදුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම යන දෙය සෑහෙන දෙයක් ඇති කළා. සන්නද්ධ බුද්ධි බළකායේ ළමයි මට කියපු දේ තමයි රට ජාතිය වෙනුවෙන් වැඩකරන්න ගිහිල්ලා අපි ඇයි සර් හිරේ විලංගුවේ ලගින්නේ කියලා. අපේ දරුවොත් බිරින්දෑවරු දෙමව්පියෝ මොකදට දුක් විදින්නේ. අපි දෙන දෙයක් කාලා කියන දෙයක් අහලා ඉන්නවා කියලා. ඒවායේ ප්‍රතිඵල තමයි 290 ගණනක් මැස්සෝ මදුරුවෝ නැතිනම් බල්ලෝ බලල්ලු වගේ මැරිලා ගියේ 500 ගණනක් තුවාල වෙලා 100කට වැඩි ගණනක් සදාකාලික අබ්බගාතයෝ වුණේ. එහෙනම් අතීතයෙන් අපි ඉගෙන ගත යුතු තව පාඩම් බොහෝයි.


සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර කියන්නේ අපේ රටේ උඩුදුවා ඇති ක්‍රියාවලියක්. පළවෙනිම දේ තමයි ආරක්ෂක ලේකම්වරයා හැටියට අවශ්‍යවෙලා තිබුණේ හරි දේ හරි තැනට යෙදවීම. කුඩු ජාවාරම්, අපරාධ, පාතාලය මෙහෙම යන්නේ කොහොමද කියන එක අපි අධ්‍යයනය කළා. අපිට පෙනී ගිය දේ තමයි මේ සියලුම දේ මෙහෙයවීම සිදුවන්නේ බන්ධනාගාරය ඇතුළෙත් කියලා.

ඒ නිසා තමයි දරුණුම අපරාධකරුවන් වෙනුවෙන් ලංකාවේ කවදාකවත් මින් පෙර නොතිබුණ දැඩි ආරක්ෂිත සිරගෙයක් ඇති කළා. මීට අමතරව බමම යුද හමුදාව යොදවලා ටෙලිෆෝන් ජෑමර්ස් සවි කළා බූස්ස කදවුර පරිශ්‍රයම ආවරණය වන පරිදි. ඊටපස්සේ අපි අගුණකොළපැලැස්සේ ඒ විදියටම කළා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් අපි සිරකරුවන්ගේ නට් තදකිරීම විතරක් නෙවෙයි සුබසාධනය සදහාත් දේවල් කරනවා. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච දරුවන් මත්කුඩු මුදලාලිලා වෙලා එන ඒක නවත්තන්නත් අපි දේවල් කරනවා.”

Exit mobile version