“තාත්තගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා…” කෙහෙළියගේ දියණිය මානව හිමිකම් යයි!

ඉමියුනොග්ලොබියුලීන් මානව ප්‍රතික්ශක්තිකරණ එන්නත් වංචාව සම්බන්ද අපරාධය මත  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් අත්අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ  කියමින්  එහුගේ දියණිය    චමිත්‍රී රඹුක්වැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට   අද (27) පෙරවරුවේ  පැමිණිල්ලක් එල්ල කර තිබේ.

ෙරක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය පියාගේ මානව හිමිකම් කඩවී ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටුකරන ලෙස එහිදී ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් මේ වනවිට කෙහෙළිය රඹක්වැල්ලට එරෙහිව ඉමියුනොග්ලොබියුලීන් මානව ප්‍රතිශක්ති කරණ එන්නත් වංචාව සම්බන්ධව පමණක් නොව ප්‍රතිමිතියෙන් තොර  Rituximab නැමැති පිළිකා නාශක ඖෂධය  ද    කුප්‍රකට හොර ඖෂධ  සමාගමෙන් මිලදී ගැනීම සම්බන්ධව චෝදනාවක් එල්ල වෙමින් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


(ඡායාරූපය –   ගයාන් අමරසේකර – ලංකාදීප පුවත්පතෙනි.)


Exit mobile version