ත්‍රස්ත කටයුතු වලට සහය දුන් පාකිස්තාන බැංකු වුන දේ!

ත්‍රස්ත කටයුතු වලට සහයදීම සහ මුදල් විශුද්ධීකරණ කටයුතු වලට සහයදීම හේතුවෙන් පාකිස්තාන ජාතික බැංකුවට දඩ නියමකර තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ෆෙඩරල් සංචිත මණ්ඩලය විසින් අදාල බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 20.4ක දඬ මුදලක් නියම කර ඇත.

මීට අමතරව නිව් යෝක් මූල්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 35ක් දඬ මුදලක්ද අයකර තිබේ.


මෙම බැංකුව විසින් ඉතා සූක්ෂම පාකිස්තානය තුල සහ ඉන් පිටත ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධාන සමාජිකයින්ට මුදල් හුවමාරු කිරීමත් ඊට අමතරව එම මුදල් විශුද්ධීකරණ කිරීම කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේවන විට බහුතරයක් පාකිස්තාන බැංකුවල ජාත්‍යන්තර පිළිගැනීම පහත වැටීමට මුදල් විශුද්ධීකරණ කටයුතු හේතු වී ඇත.

Exit mobile version