තහනම් පොහොර විතරයි… ඇමතිගේ “කාබනික ගොවිතැනට“ උග්‍ර විෂ සහිත පළිබෝධ නාශක සහ වල් නාශකවලට අවසර…

chemistry pesticides

පොහොරවලට වඩා අතිශය විෂ සහිත රසායනයන්වන පළිබෝධ නාශක සහ වල් නාශක ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙරට සමාගම් හරහා ගෙන්වීමට අවසර දීමට රජය කටයුතු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ ඒ බව මාධ්‍යයට අද පවසා ඇත.

පසුගිය 14 වැනිදා මහ කන්නයේ කාබනික වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දේසි 04ක් රජය විසින් ඉටුකර දිය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය විසින් කෘෂි කර්ම අමාත්‍යවරයා වෙත සංදේශයක් භාර දෙනු  ලැබීය.


එහි වූ කොන්දේසි 04 මෙසේය.

  1. රජය විසින් කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නියමිත කාලයට ලබා යුතුය.
  2. එලෙස ලබා දෙන පොහොරවල වගකීම රජය විසින් භාර ගත යුතුය.
  3. මෙම පොහොර භාවිතයෙන් වගා කරන වී වගාවේ අස්වැන්න අඩුවීමක් හෝ වෙනත් හානියක් සිදුවුවහොත් එහි වගකීම රජය විසින් භාර ගෙන සිදුවන හානි සඳහා වන්දි ගෙවීමට රජය එකඟ විය යුතුය.
  4. මීට අමතරව දැනට වෙළෙඳපොළේ ඇති කෘමි නාශක, වල් නාශක අධික මිලකට විකිණීම පාලනය කර සහතික මිලකට ඒවා මිලදී ගැනීම සඳහා ගොවීන්ට අවස්ථාව දිය යුතුයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම සංදේශයේ සඳහන් කරණු සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ජනාධිපතිවරයා දුරකතනයෙන් අමතා දැනුවත් කිරීමෙන් පසු එම කොන්දේසි 04 ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පල වී ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ එකඟතාවය මත කාබනික ගොවිතැන වෙනුවෙන් මෙම උග්‍ර විෂ සහිත රසායනයන්වන පළිබෝධ නාශක සහ වල් නාශක ගෙන්වීමට  කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.

Exit mobile version