තහනම් කළ යුධ ස්මාරකය අභියස යාපනය සරසවි සිසුවෝ යුද්ධයෙන් මිය ගිය අය සමරති…

මහ විරු සතියේ  දි සරසවිය තුළ තහනම් උත්සවත් සැලසුම් කරයි…

දිනසේන රතුගමගේ –

නොවැම්බර් මාසයේ 20 දා සිට 27 වෙනිදා දක්වා  පැවැත්වෙන යුද්ධයෙන් මියගිය පිරිස සැමරෙන  මහවිරු සතිය සැමරීම සදහා යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකොට ඇති විශේෂ ස්මාරකය  විශ්ව විද්‍යාල සිසුන් විසින් 1දා රාත්‍රී සෝදා පිරිසිදු කොට තිබේ.

එම ස්මාරකය සෝදා පිරිසිදු කිරීමෙන් පසුව ඊට මල් තබා ඉටිපන්දම් දල්වා විනාඩි දෙකක කාලයක් නිෂ්ශබ්දව  සිට යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට විශ්වවිද්යාල සිසුන් පිරිසක් කටයුතු  කොට තිබේ.

ඔවුන් මෙම ස්මාරකය අබියස  යුද්ධයෙන් මියගිය  පිරිස  සමරනු ලබන්නේ එම ස්මාරකය නීති විරෝධී ස්මාරකයක් බවට විශ්වවිද්‍යාල ප්රතිපාදන කොමිසම හා ආරක්ෂක අංශ විසින් තීරණය කොට සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන අතරවාරයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර උතුරේ ආරක්ෂක අංශ විසින්ද මහවිරු සතිය සැමරීම තහනම් කොට ඇති හෙයින් යාපනය විශ්ව විද්යාලය තුළ පැවැත්වීමට නියමිත මහවිරු සතිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.


Exit mobile version