තවත් සැක සහිත කොවිඩ් ආසාදිතයෙක් අයි.ඩී.එච් රෝහලින් පනී… රෝහලේ ආරක්ෂාව තර වේ

Mural wall paintings depicting Gautama Buddha treating an ill monk (L) and Jesus Christ healing the sick are seen besides the entrance of the National Institute of Infectious Diseases where the Corona Virus (Covid-19) positive patients are treated in Colombo, Sri Lanka on 16 March 2019. 28 people have been tested positive for Covid-19 in Sri Lanka so far. The Sri Lankan government declared a three-day holiday asking all non-essential businesses not to operate on March 17, 18 and 19 while asking some key government services and private businesses in banking, food transport, and distribution to operate. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

කොවිඩ් ආසාදිත යැයි සැක සහිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික උණ රෝහලෙන් පලා ගොස් ඇතැයි වාර්තා වේ.

මේ තැනැත්තා පලාගොස් ඇත්තේ ඊයේ අලුයම පලා ආ කොවිඩ් ආසාදිතයාටත් පෙර බවත් ඔහු පලාගොස් ඇත්තේ පසුගිය 23 දා රාත්‍රියේ බවත් නිල නොලත් රෝහල් ආරංචි මාර්ග කියයි.

පලාගොස් ඇති 22 හැවිරිදි තරුණයා නිවසක් කොල්ලකෑම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන සිටි අඹිලිපිටිය ප්‍රදේශයේ  අයෙකි. උණ රෝග ලක්ෂණ පෙන්වීමත් සමග  ඔහුව අයි.ඩී.එච් රෝහලට යොමු කර නිරෝධායනය කරීමෙන් අනතුරුව පීසීආර් පරීකෂණයකටය යොමු කර තිබේ.


මේ තැනැත්තා පලාගොස් ඇත්තේ එම වාර්තාව ලැබෙන තෙක් රෝහල් වාට්ටුවක රඳවාගෙන සිටියදී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුම් දියත් වී ඇති අතර අයි.ඩී.එච් රෝහලේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු යොදා තිබේ.

Exit mobile version