තවත් සමාගම් 04කට මත්පැන් නිශ්පාදන බලපත්‍ර ලැබෙන ලකුණු!

දැන් රටේ මත්පැන් නිශ්පාදන සමාගම් 28යි..

Arrack

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා තවත් සමාගම් 04ක් වෙනුවෙන් අලුතින් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. එම බලපත්‍ර නිකුත්වන්නේ දැනට මත්පැන් නිශ්පාදනය කරමින් ඇති සමාගම් 24ට අමතරව බව වාර්තා වේ. නව බලපත්‍ර ඉල්ලුම් කර ඇති සමාගම් 04න් දෙකක් දැනට බලපත්‍ර හිමි සමාගම් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කියා තිබුණේ බියර් නිෂ්පාදනය සඳහා ඉල්ලුම්පත් හතරක් ලැබී තිබෙන බවය.

මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය මුදල් අමාත්‍යවරයා සතුවන අතර මුදල් අමාත්‍යංශයේ දැනුම් දීම මත එම ඉල්ලුම්කාර සමාගම් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සුරබාදු දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු පියවරක් ගෙන නැතැයි ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

Exit mobile version