තවත් මහා හෙළිදරව්වකට සැරසෙන බව ඥානසාර හිමියෝ කියති

තමන් ළඟදීම මහා හෙළිදරව්වක් කිරීමට සූදානම් බවත් ඒ සඳහා තම සුළු කාලයක් අවශ්‍ය බවත් බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පවසති.

රට අන්තවාදී ප්‍රහාරයක අනතුර තව දුරටත් පවතින බවත් තමන් පසුගිය දා එම ප්‍රකාශය කළේ කිසිවකුගේ හෝ අවශ්‍යතාවක් නොව සියලූ කරුණු කාරණා පිළිබඳව තමන් දන්නා නිසා බවත් උන්වහන්සේ අද යළිත් අවධාරණය කළේ මාධ්‍යවේදීන් චමුදිත සමරවික්‍රම සමඟ ‘තෘත් විත් චමුදිත’ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

අන්තවාදී ප්‍රහාරයක අවදානමක් පවතින බවට යම් යම් පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව මත සිදු කරන ලද්දක් ය යන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමින් ඥානසාර හිමියන් ප්‍රකාශ කරන්නේ, තව්හීඩ් ජමාත් සංවිධානයේ නායකයෙකු වන අබ්දුල් රාසික් මීට ටික කලකට පෙර මාධ්‍ය හමුවේ දී තම මතවාදය දරන පුද්ගලයන් 50000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලංකාවේ සිටිය හැකි බවට ප්‍රකාශ කර තිබූ බවයි.


මෙරට තුළ සලාෆිවාදය සහ වහාබ්වාදය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් එම වාද ප්‍රතික්ෂේප කරන බවට ජමෙයිතුල් උලමා සංවිධානය හෝ අවස්ථාවක ප්‍රකාශ කර නැති බවත් සඳහන් කරන ඥනසාර හිමියෝ මෙම තත්ත්වය මත අන්තවාදීන්ගෙන් තමන්ටද ජීවිත තර්ජනයක් පවතින බව ද සඳහන් කළහ.

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේ කටයුතු කළ බවට පිළිගන්නා නමුත් පවතින අන්තවාදය පිළිබඳ අනතුර හමුවේ එම අනතුරෙන් රට ආරක්ෂා කර ගැනීමට ඔහුට හැකි වේය යන විශ්වාසය මත පිහිටා ඊට සහය වූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

එම සාකච්ඡාවේ දී උන්වහන්සේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගියදා කළ ප්‍රකාශයක් විවේචනය කරමින් උන්වහන්සේ සඳහන් කළේ මන්ත්‍රීවරයා ද ද අන්තවාදයට සහය දෙන අය ආරක්ෂා කරන ප්‍රතිපත්තියක කටයුතු කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අසාත් සාලි මහතා අන්තවාදය ප්‍රතික්ෂේප කරන සම්ප්‍රදායික මුස්ලිම්වරයෙකු නායකයෙකු ලෙස තමන් විශ්වාස කරන බවත් ඔහු තමා මෙන්ම ‘කටේ වැරැද්ද’ නිසා සිරගත වන්නට සිදුව ඇති බවත් සදහන් කළහ.

Exit mobile version