තවත් බාල වයස්කාර සොයුරියන් දෙදෙනෙක් අපයෝජනය කළ දූෂකයන් අත්අඩංගුවට

Raped


ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බාලවයස්කාර වියේ පසුවන අක්කා නගෝවරු දෙදෙනෙකු අපයෝජනයට ලක්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලීසිය පවසයි.

අපයෝජනයට ලක්ව ඇති අක්කාගේ වයස අවුරුදු 15ක් හා මාස 06ක් වන අතර නැගණියගේ වයස අවුරුදු 12 මාස 06ක් වේ. මෙකි අක්කා නගෝවරුන් දෙදෙනා සැකකරුවන් දෙදෙනා විසින් මෙකි දැරියන්ගේ නිවසේ පිටුපසට රැගෙනවිත් දුෂණයට ලක්කොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් හා 21 වන සැකකරුවන් දෙදෙනෙකි. මින් එක සැකකරුවකු පෙරේදා (18) රාත්‍රි අත්අඩංගුවට ගත් අතර අනික් සැකකරු ඊට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.  ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය.

පොද්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.පි. සංජිව, ළමා හා කාන්තාකාර්යංශයේ ස්ථානාධිපති ක.පො.ප ලසන්ති, පො.ප ගයාන්, පො සැ 59079 ගමගේ, පො සැ34529 රත්නායක, පො කො76206 කුමාර යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.

Exit mobile version