තවත් කොවිඩ් මරණ 4ක් රජය වාර්තා කරයි… මුලු මරණ ගණන 40යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් ආසාදිත මරණ 04ක් මීට ස්වල්ප වෙලාවකට පෙර තහවුරු කළේය.

රාජගිරිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ දී මිය ගොස් තිබේ. ඔහු පසුගිය 07 වැනිදා රෝහල්ගත කර ඇත. මරණයට ආසන්නම හේතු ලෙස වාර්තා කරන්නේ කොවිඩ් නිව්මෝනියාවය.

කොළඹ 10 පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් ආසාදනයෙන් ඇති වූ ශ්වසන ආබාධයක් නිසි මිය ගොස් ඇත. ඔහුව රෝහල්ගත කර ඇත්තේ පසුගිය මස 23 දාය.


ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ දී ඊයේ මිය ගියේය. මරණයට හේතුව කොවඩ් නිව්මෝනියාවය.

අවුරුදු 55 -60 අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙක් මහ මග වැටී මිය ගොස් සිටිය දී මෘත දේහය කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව කොවිඩ් රෝගියෙක් බව හඳුනාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 40ක් බව රජය නිවේදනය කළේය.

Exit mobile version