තවත් කොවිඩ් මරණ 23ක් – ආසාදිතයන් 700 පනී

මෙරට තුළ තවත් කොවිඩ් මරණ 23ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම කොවිඩ් මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු අයත්ය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,057කි.


අද (17) දිනයේදී වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන 728කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 553,722කි.

Exit mobile version