තලේබාන් සටන්කරුවන්ට යටත් වූ ඇෆ්ගනිස්ථානයෙන් ලාංකිකයන් ඉවත් කර ගන්නා අයුරු රජය කියයි…

ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි 2021 අගෝස්තු 15, වන දින ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි දී රට හැර ගිය පසු ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දිරයේ පාලනය තලේබාන් සටන්කාමීන් අතට පත් විය. (ඒපී ඡායාරූපය/සාබි කරිමි)

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් සටන් කණ්ඩායම් විසින් තහවුරු කරගැනීමත් සමග ඇෆ්ගනිස්ථානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව රජය නිවේදනය කරයි.

ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේ සිටිනා බවත් ඔවුන්ගේ විස්තර රජය සතු බවත් විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනය කර සිටී. එමෙන්ම කාබුල් තානාපති කාර්යාලයේ එකම නිලධාරියෙක් හෝ නොමැති බවත් සිටින්නේ එක් දේශීය නිලධාරියෙක් පමණක් බවත් එ නිවේදනයේ දැක්වේ.

තලේබාන් සටන් කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවරට ඇතුළු වී එරට බලය තහවුරු කර ගැනීමත් සමග ඇෆ්ගන් ජනාධිපති ගුවන් යානයකින් ටජිකිස්ථානයට පලා ගොස් තිබේ.

එරට සිටින විදේශ රටවල රාජතාන්ත්‍රිකයන් කාබුල් අගනුවරින් ඉවත් වන ඉවත් කරගෙන ඇති අතර එරට ගුවන් යානාවල දැඩි තදබදයක්ද ඇති වී ඇතැයි වාර්තා වේ.
ලාංකිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධ රජයේ ස්ථාවරය සහිත නිවේදනය පහත දැක්වේ.



 

Exit mobile version