තලෙයිමන්නාරම සහ කොළඹ අතර ශීඝ්‍රගාමී දුම්රිය සේවාවක් සැප්තැම්බර් 15 වැනිදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) ප්‍රකාශ කළේය.
මන්නාරම මඩු දේවස්ථානයේ බැතිමතුන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වන චාල්ස් නිර්මලනාදන් මහතා විශාල කාර්යභාරයක් ඉටු කළ බවයි.
“ශීඝ්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කිරීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා කළ කාර්යභාරය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ව්‍යාපෘතියේ වැඩ කරපු අනිත් අයටත් මම ස්තුතිවන්ත වෙනවා,” ඔහු පැවසීය.