අධිවේගයට බිලිවන තලංගම රම්සා තෙත්බිම් නඩුවේදී RDA වෙනුවෙන් පෙනී සිටිමට නීතිපති බෑ කියයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදකිරීමට යෝජිත මංතීරු හතරකින් යුතු මාර්ගය ඉදිකිරීම නිසා පාරිසරික ආරක්ෂිත කලාපයක් ලෙසට ප්‍රකාශයට පත් කොට ඇති තලංගම තෙත් බිම් කලාපය ට සිදුවන පාරිසරික බලපෑම පිළිබඳව සලකා එහි ඉදිකිරීම් කටයුතු වළක්වන ලෙසට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්දුය මඟින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ඊයේ පැවති නඩු විභාගයේදී ප්‍රධානතම වගඋත්තරකාරුවා වන මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඊයේ අභියාචනාධිකරණයේදී නිතිපතිවරයා විසින් දැනුම්දෙනු ලැබ ඇත. මෙම මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් තමන් දරන මතය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ට වඩා වෙනස් බැවින් එසේ ඉවත් වන බව වාර්තා වේ.
මේ අනුව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහුට මෙම නඩු කටයුතු කෙරෙහි අධ්‍ය්‍යයනය කිරීමට කාලයක් අවශ්‍ය බව ප්‍රකාශ කළ බැවින් මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 25 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණ විනිසුරුවරයා විසින් තීරණය කරන ලදී.
කිලෝමීටර 17.3ක් දිගුවන මෙම මාර්ගයේ කිලෝමීටර 3.5ක කොටසක් පාරිසරික ආරක්ෂක කලාපයක් ලෙස ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කොට ඇති තලංගම වැව සහ ඒ ආශ්‍රිත තෙත් බිම් කලාපය මැදින් කුලුනු මත ඉදිකිරීමට මෙම ව්‍යාපෘතියේ මූලික සැලසුම්වල සඳහන්ව ඇති අතර මෙම නිසි පාරිසරික තකසේරු වාර්තාවක් කැඳවීමෙන් තොරව මෙම සංවේදි පාරිසරික කලාපය එම මාර්ගය ඉදිකිරීමට යොදා ගැනීම වළකාලමින් මෙලෙස රීට් ආඥාවක් ලබා ගැනීමට මෙම නඩුව ඉදිරිපත් කළේ පාරිසරික යුක්ති කේන්ද්‍රයයි. එහි මූලික වගඋත්තරකාර පාර්ශ්වය ලෙස සඳහන් කොට ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියයි. ඊට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යංශය සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.

Exit mobile version